දේශීය

පාර්ලිමේන්තුව අසල යතුරු පැදි සිද්ධිය ගැන විමර්ශනයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු සංකීර්ණය අසල මාර්ග බාධකයකදී ඊයේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයා දැනුම්දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

මේ අතර යුද හමුදා මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊයේ පස්වරුවේ යුද හමුදාවේ යතුරුපැදි ඒකකයේ සිව්දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණය අසල මාර්ග බාධකයක් වෙත පැමිණි අවස්ථාවේ ඔවුන්ට සුදුසු නොවන ආකාරයෙන් හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකොට අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවය.

Related posts

ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස්වලට ඉන්ධන දීම ඇරඹෙයි

Mohamed Dilsad

තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

Editor O

Leave a Comment