දේශීය

ඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි

(UTV | කොළඹ) – තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වුණා.

අද කොළඹ දී ඇරඹෙන පස්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ජෙයිශංකර් මහතා දිවයිනට පැමිණියා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබාදීම පිළිබඳ සිය ස්තුතිය ද පළ කළා.

මේ වසරේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක් සංවිධානය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ තෛපොංගල් දින පණිවිඩය

Editor O

බස්නාහිර වැටලීම්වලින් තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

නඩු ගොනුවක පිටු ඉරූ නීතීඥවරයා⁣ගේ වෘත්තීයභාවය අහෝසි කරයි

Editor O

Leave a Comment