දේශීය

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සන්ධානයෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ බෙදාහැරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගෙන් ඉල්ලීමක් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන ඔවුන් සඳහන් කළේ, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ දැනට පවතින ඖෂධ සැපයුම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මාධ්‍ය සහ වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව ඉදිරි කාලයේ දී ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවයි.

ඇතැම් පුද්ගලයින් ඖෂධ විශාල වශයෙන් ගබඩා කරගැනීම ආරම්භ කර ඇති අතර, මෙම තත්ත්වය හමුවේ මුදල් නො මැති දුප්පත් පුද්ගලයින්ට ඉදිරි කාලයේ දී සිය රෝගාබාධ තත්ත්වයන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව එම සමිති සන්ධානය අවධාරණය කරනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන පවතින ඖෂධ තොග රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ සමාන ලෙස ජනතාවට ලබාගත හැකි අන්දමට බෙදියාමේ වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි ඔවුන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් පැය 3 ක ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය සමයේ ධාවනය වන දුම්රියන් පිළබඳ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

කළු , ගිං සහ නිල්වලා අවධානම් මට්ටමේ

Mohamed Dilsad

Leave a Comment