දේශීය

IOC තෙල් මිල යළි ඉහළට

(UTV | කොළඹ) – ලංකා අයි.ඕ.සී සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ යනු ඇති.

මෙලෙස සියයට 54කින් මිල ඉහළ නැංවූ අයි.ඕ.සී ඩීසල් ලීටරයක මිල රුපියල් 214ක් වන අතර, සියයට 27කින් මිල ඉහළ නැංවූ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් වනවා.

මෑත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව මෙය යි.

මිල වැඩිවීමත් සමඟ අයි.ඕ.සී සමාගමේ ලංකා පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 254ක් වන අතර, එක්ට්‍රා ප්‍රිමියම් ලීටරයක් රුපියල් 263ක් වනවා.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක් ද එක්ස්ට්‍රා මයිල් ලීටරයක් 220ක් ද වන අතර, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 283ක් ද ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 252ක් ද වනවා.

අයි.ඕ.සී සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රුපියල දින හතක් තුළ ඩොලරයට සාපේක්ෂව දෙවතාවක් අවප්‍රමාණ වීම මෙලෙස මිල ඉහළ නැංවීම සඳහා බලපා ඇති බවයි.

Related posts

මිලියන 13 ක මුදලක් හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට

Mohamed Dilsad

සරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

Leave a Comment