දේශීය

සියලුම ගුවන් ප්‍රවේශ පත්‍ර මිළ 27% කින් ඉහළට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අද (3) සිට 27% කින් ඉහළ නංවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය .

මෙයට හේතු වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබේ .

මෙතෙක් ඇමෙරිකානු ඩොලරයක් , රුපියල් 203.66 ක මිළකට පැවති අතර , ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණය මත ,රුපියල පාවීමට සැළස්වීමට ගනු ලැබූ තීරණය මත මේ වනවිට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 259.99 දක්වා ඉහළ ගොස් පවතින බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මේ ආකාරයට මෙසේ සියලුම ගුවන් සේවාවන් සිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව 27% කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ

Related posts

ලබන සඳුදා සිට කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ආයතන විවෘතයි

Mohamed Dilsad

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජනාධිපති, ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි.

Editor O

Leave a Comment