දේශීය

“සැලුසුම් කල පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් LNG සපයනවා” – NewFortress Energy

(UTV | කොළඹ) – සැලුසුම් කල පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් එල් එන් ජී සැපයීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම පවසනවා.

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඔවුන් නිකුත් කල නිවේදනයකයි මේ බව දැක්වෙන්නේ.

එහි දැක්වෙන්නේ කොළඹට ආසන්නව එල් එන් ජී පර්යන්තයක් ඉදි කිරීම සඳහා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ ශ්‍රී ලංකා රජය, 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී එකගතාවයකට එළැඹි බවයි.

කෙරවලපිටිය බලාගාර සංකීර්ණයට ගෑස් සැපයීමේ අයිතියද නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට හිමිවන බව එහි වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව ආරම්භයේදී එම සමාගම විසින් ශ්‍රී ලංකා රජයට දෛනිකව එල් එන් ජී ගැලුම් මිලියන ලක්ෂ 12 ක් ලබාදීමට නියමිතයි.

Related posts

විභාග දෙපාමේන්තුවේ විමර්ශන ශාර්තඛාවද වසා දමයි

Mohamed Dilsad

ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් 116 දෙනෙක් ඉවත් කරලා.

Editor O

Leave a Comment