දේශීය

පාසල් ළමුන් ප්‍රවාහනයත් දැඩි අපහසුතාවලට..

(UTV | කොළඹ) – පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ, වෑන් රථවලට ඉන්ධන ලබා දීමේ නිසි ක්‍රමවේදයක් අද දිනයේ සිට ක්‍රියාත්මක නොවුණහොත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති මල්සිරි ද සිල්වා මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් රජයේ නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි.

ඩීසල් හිඟය හේතුවෙන් මේ වනවිට ඔවුන් ගැටලු රැසකට මුහුණ පා සිටින බවත්, ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඔහු පැවසීය.

මල්සිරි ද සිල්වා සඳහන් කළේ ඔවුන් මේ සම්බන්ධයෙන් රජයට දැනුම් දුන් නමුත් සහන ලබා දීමට අදාළ නිලධාරීන් අපොහොසත් වූ බවයි.

ලංගම ඩිපෝවලින් හෝ රජයට අයත් පිරවුම්හල්වලින් ඩීසල් ලබාදීමට රජය ඉල්ලීම් කිහිපයක්ම කළත් අපොහොසත් වූ බවද ඔහු පැවසීය.

ද සිල්වා කියා සිටියේ පාසල් ප්‍රවාහනයට ඩීසල් ලබා නොදුනහොත් අද පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි.

Related posts

සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක්

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලීමක් [UPDATE]

Mohamed Dilsad

කොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැ

Mohamed Dilsad

Leave a Comment