දේශීය

බොරතෙල් මිල වාර්තා ගත ලෙස ඉහළට

(UTV | කොළඹ) – රුසියා – යුක්රේන අර්බුදය හමුවේ බොරතෙල් බැරලයක මිල වසර 13කට පමණ පසුව ඉහළම මිල වාර්තා කර තිබේ.

මේ අනුව බොරතෙල් මිල ගණනය කරන සියලුම දර්ශකවල අගය ඩොලර් 130 ඉක්මවා ගොස් ඇති අතර එය 2008 ජුලි මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම මිල විය.

ඉරිදා දිනයේ එක් අවස්ථාවක බොරතෙල් බැරලයක මිල ඩොලර් 139ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ලෝකයේ ප්‍රධාන පෙළේ තෙල් නිෂ්පාදකයෙක් වෙන රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් ලෝක වෙළඳපොළට බොරතෙල් ලැබීමේ අඩුවක් හේතුවෙන් මෙසේ එහි මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

Related posts

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ සුදානම

Mohamed Dilsad

ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම්වරුන්ට ඩොලර් හරස්වෙයි

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment