දේශීය

රෝහල් ආපනශාලාත් වැසෙන ලකුණු

(UTV | කොළඹ) – විදුළි සහ ගෑස් අර්බුද හමුවේ කොළඹ නගරය කේන්ද්‍රකරගනිමින් ඇති ප්‍රධානතම ආපනශාලා සහ රාජ්‍ය ආයතනවල ආපනශාලා විශාල සංඛ්‍යාවක් වැසීගොස් ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ මේ වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඇති ආපනශාලා 1500 කට ආසන්න ප්‍රමාණයක් එලෙස වසා දමා ඇති බවයි.

මේ අතර දිවයින පුරා පිහිටි රෝහල් ආපනශාලාවල කටයුතු අක්‍රිය වීමේ අවදානමක් පවතින බවද අසේල සම්පත් මහතා සදහන් කළා.

එම නිසා පවතින අර්බුදවලට කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේ.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

වැඩියෙන් අය කල ජල බිල්පත් ගැන විධිමත් තීරණයක්

Mohamed Dilsad

අනුරගෙන් සහ ශානිගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්

Mohamed Dilsad

Leave a Comment