දේශීය

විමල්ට එරෙහි නඩුවකට දින නියම කෙරේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය මැයි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම නඩුව අද (07) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ නඩුවේ විභාගය මැයි මස 30 වනදා කැඳවීමට නියම කළේය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාද කරනු ලැබීය.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගවල උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කොට විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මගින් එම නඩුව ගොණුකර තිබේ.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනා සහ, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න යන අය නම් කර තිබේ.

Related posts

රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Editor O

Leave a Comment