දේශීය

“හෙට දින පාසල් ආරම්භ කිරීම සඳහා රජයට විධිමත් සැලැස්මක් නැහැ”

(UTV | කොළඹ) – දිවයින පුරා පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව පාසල් වාරය හෙට (07) ආරම්භවීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව එක් පන්ති කාමරයක සිසුන් 20 ත් 40 ත් අතර සංඛ්‍යාවක් සිටිී නම් එම පන්ති කණ්ඩායම් 2කට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්විය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සිසුන් 40ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති, සිසුන් සංඛ්‍යාව සමාන කොටස් 3 කට බෙදා වෙන් කර ඒ ඒ දිනවල හෝ සතිවලදී පැවැත්විය යුතු බවයි.

කොරෝනා තත්ත්වය සහ රට තුළ පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම පියවරට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

එමෙන්ම පාසල් ආරම්භ කිරීමට පෙර අද (06) දිනයේ පිරිසිදු කිරීමේ කටයුතු සහ විෂබීජහරණ කටයුතු සිදු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා අදාළ පාසල්වල ගුරුවරුවරුන්, සිසුන් සහ දෙමව්පියන් මෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සම්බන්ධ කර ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (05) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පවතින තත්ත්වයන් හමුවේ හෙට දින පාසල් ආරම්භ කිරීම සඳහා රජයට විධිමත් සැලැස්මක් නොමැති බවයි.

Related posts

නිරෝධායන නීති කඩකළ තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 103 කට නඩු

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා එවකට හමුදාපතිවරයාටත් කැඳවීමක්

Editor O

කෝටික මැන්ඩි මත්ද්‍රව්‍ය සමඟ සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment