ක්‍රීඩා

රාහුල් විසින් කෝලිට සමරු තිළිණයක්

(UTV | මොහාලි) –  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ 100 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කරයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කළ ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත්තේ ක්‍රීඩාංගණයෙන් සියයට 50ක ප්‍රතිශතයකට මෙම තරගය නැරඹීම සඳහා ද අවස්ථාව ලබාදීමටය.

එහිදී ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම හිටපු ඉන්දීය නායක රාහුල් විසින් ඔහුට සමරු තිළිණයක් ලබාදීමද සිදුකෙරිණි.

එම අවස්ථාවට කෝලිගේ ආදරණීය බිරිඳ වන අනුෂ්කා ශර්මා ද එක්ව සිටීම විශේෂත්වයකි.

Related posts

ශකිබ් අල් හසන් බංග්ලාදේශයේ නායකත්වයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට: මෙන්න තරඟ කාල සටහන, පුහුණුකරු චමින්ද වාස්

Mohamed Dilsad

කුසල් ජනිත් පෙරේරා පරීක්ෂණයෙන් සමත් වෙයි

Mohamed Dilsad

Leave a Comment