දේශීය

“බැසිල් මහින්දගෙන් විපක්ෂනායක තනතුර ඉල්ලුවා” – විමල් කියයි

(UTV | කොළඹ) – බැසිල් රාජපක්ෂ විසින් 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට විපක්ෂ නායකධූරය ලබා දෙන ලෙස ඉල්ලූ බවත් එයට මහින්ද රාජපක්ෂ මහතා අකමැති වීමෙන් පසු ඔහු කාටත් නොකියා රටින් පිටවූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 11 සහභාගිත්වයෙන් අද (04) පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

“2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වෙලා ගියාට පස්සේ බැසිල් රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ හමුවෙලා ගිහින් ඉල්ලුවේ ඔහුට විපක්ෂ නායකකම දෙන්න කියලා. නමුත් මහින්ද රාජපක්ෂ ඒකට කැමති වුනේ නෑ. පස්සේ ඔහු මහින්ද රාජපක්ෂටත් නොකියා රටින් පිටවුනා. ඉතිං එහෙම කටයුතු කරපු කෙනෙක්ව ජනාධිපතිවරයා ලෙස පත්කරන්න කියන අසනීපයක් අපිට තිබුනේ නෑ.”

Related posts

මහවැලි අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

සම්බන්ධන් සහ දිගම්බරන්ට පාර්ලිමේන්තුව මාස 3 ක නිවාඩු අනුමත කරයි

Mohamed Dilsad

ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරය 200 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment