දේශීය

උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවයක

(UTV | කොළඹ) – උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් ජනාධිපතිතුමා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ ඇති බව සඳහන් කළත් අද (24) ජනාධිපතිතුමා හමුවීමට පැමිණෙන බවට කිසිඳු පෙර දැනුම් දීමක් සිදුකර නොමැත.

ජනාධිපතිතුමා අද පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇත. දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිසට අග්‍රාමාත්‍යතුමා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුහු එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

Related posts

හඳුන්නෙත්ති යළිත් කෝප් කමිටුවේ සභාපති ධූරයට

Mohamed Dilsad

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් විරෝධයේ

Mohamed Dilsad

උපුල් තරංග විශේෂ පොලිස් ඒකකය හමුවට

Mohamed Dilsad

Leave a Comment