විදෙස්

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව අනිද්දා

(UTV | ජෙනීවා) – යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වන දින පැවැත්වීමට දින නියමකර තිබෙනවා.

රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුරදී පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ යෝජනාවකට අනුවයි මෙම සමුළුව පැවැත්වෙන්නේ. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සමුළුව පැවැත්වෙන දිනය , වේලාව හා කාලය තීරණය කර තිබෙනවා.

රුසියාවේ ආරක්ෂක යෝජනාවලිය සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් පවතින බවයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොෆ් පවසන්නේ.

Related posts

ඇමරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 17 දෙනෙකු මරුට

Mohamed Dilsad

කොරෝනා වැළඳීමේ හැකියාව ගැන නව සොයා ගැනීමක්

Mohamed Dilsad

වැලන්ටයින් සැමරුම් වලට අධිකරණ තහනමක්

Mohamed Dilsad

Leave a Comment