දේශීය

DNA පරීක්ෂණ වලට බාධාවක්

(UTV | කොළඹ) – රසායනික ද්‍රව්‍ය ගෙන්වීම සඳහා විදේශ මුදල් හුවමාරුව අපහසුවීම සහ කොවිඩ් වසංගත තත්වය හමුවේ එම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අඩාල වීම තත්ත්වයෙන් අධිකරණ මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශය විසින් වාර්තා නිකුත් කිරීමේ කටයුතු ප්‍රමාද වන බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

අදාළ පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟවීම සහ ආනයනය කිරීමට ඇති බාධා හේතුවෙන් එම ප්‍රමාදයන් සිදුවන බව රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශ වෙත මසකට නඩු 150ක් පමණ නඩු භාණ්ඩ ලෙස ලැබෙන අතර ඒ අනුව වාර්තා 200ක් පමණ මසකට නිකුත් කරනු ලබයි.

ඒ අනුව අධිකරණ මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශ මඟින් අදාළ වාර්තා නිකුත් කිරීමේ කාලය ප්‍රමාද වන අතර රසායන ද්‍රව්‍ය සාමාන්‍ය පරිදි ලබාගත් පසුව නැවත නියමිත පරිදි වාර්තා නිකුත් කිරීම සිදුකරන බව රස පරික්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

Related posts

තහනම් පිරමීඩ ගැන, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

මැනිං වෙළඳපොල නැවත ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment