විදෙස්

බ්‍රිතාන්‍යයේ අනාගත රැජිනටත් කොවිඩ්-19

(UTV |  බ්‍රිතාන්‍ය) – කෝර්න්වෝල් ආදිපාදවරිය වන කැමිලා, කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු ස්වයං හුදකලා වී ඇති බව ක්ලැරන්ස් හවුස් මාලිගය තහවුරු කරයි.

ඇගේ ස්වාමිපුරුෂයා වන වේල්ස් කුමරු පසුගියදා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ නමුත් 74 හැවිරිදි කැමිලා ඍණාත්මක පරීක්‍ෂණයකින් පසු එදින මහජන කටයුතු තුනක් සිදුකළාය.

එසේම, චාල්ස් කුමරු ධනාත්මක බව පරීක්‍ෂා කිරීමට දින දෙකකට පෙර දෙවැනි එළිසබෙත් රැජිනද හමුවී තිබුණි.

පසුගිය සතියේ බකිංහැම් මාලිගය කියා සිටියේ රැජිනට කොවිඩ් රෝග ලක්ෂණ නොමැති බවය.

අනාගත රැජින ලෙස සැලකෙන කැමිලා ආදිපාදවරිය කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු වැනි අවස්ථාව මෙය වන අතර චාල්ස් කුමරුට දෙවැනි වරට වෛරසය ආසාදන වී ඇත.

ක්ලැරන්ස් හවුස් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන් රජයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් හුදකලාව සිටින බවයි. එමෙන්ම බූස්ටර් එන්නත් මාත්‍රාවන්ද ලබාගෙන ඇති රාජකීයයන්ට සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවද සඳහන් වෙයි.

Related posts

ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ගින්නකින් 50ක් මරුට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

උතුරු කොරියාව, දකුණු කොරියාව සමඟ සාකච්ඡා අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment