දේශීය

පක්ෂ නායක රැස්වීම අද

(UTV | කොළඹ) – පක්ෂ නායක රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තු ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණය.

ඒ අනුව අද පස්වරු 3ට පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ

Related posts

කල්‍යාණි රන් පිවිසුම අද විවෘත කරයි

Mohamed Dilsad

මාලිමාවේ කවුරුවත්, කුඩු ජාවාරම් කර නැහැ – මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල

Editor O

තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා බාර ගැනීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment