ප්‍රමුඛ පුවත 1

නේපාල ජනාධිපතිනිය කැලණිය රජමහා විහාරය වැඳපුදා ගනී

(උදයම්,කොළඹ)  – ලෝක බෞද්ධ වෙසක් උළෙලේ සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ නේපාල ජනාධිපති බිද්‍යා දේවි බණ්ඩාරී මහත්මිය අද පෙරවරුවේ (15) ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වූ කැලණිය රජමහාරය වැඳපුදා ගත්තාය.

මෙහිදී කැලණිය රජමහාවිහාරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව කැලණි රජමහාවිහාරස්ථානාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ විසින් නේපාල ජනාධිපතිවරියට විස්තරක් ද ඉදිරිපත් කරන ලදහ.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ඖෂධ මිලදී ගත්පසු බිල්පත් නිකුත් කිරීම අනිවාර්ය වේ.

Mohamed Dilsad

ගුවන් මගීන් අපහසුතාවයට පත්වන ලෙස කටයුතු කරන්නේ නෑ- නියෝජ්‍ය පාලක ( ආගමන හා විගමන)

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

Mohamed Dilsad

Leave a Comment