දේශීය

නිදහස් චතුරස්‍රය අවට අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV | කොළඹ) – පෙබරවාරි 4 වනදා පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද (29) සිට ලබන 3 වනදා දක්වා නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවනු ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සිට දිනපතා උදෑසන 7 සිට පස්වරු 2 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

එමෙන්ම නිදහස් උළෙල පැවැත්වෙන ලබන 4 වනදා කොළඹ නගරයේ සහ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කළා.

ඒ අනුව කොළඹට ඇතුලු වීම සහ පිටවීම සඳහාද විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

‘හමුදා පාලනයකට මඟ පෑදීම ඇතිවන ක්‍රියාවන් සිදු නොකරන්න’

Mohamed Dilsad

පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගේ පර්ශන් සඳහා අගමැතිගෙන් පිළිතුරු

Mohamed Dilsad

ඉතියෝපියාවේ සිටි 230 දෙනකු අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment