ගොසිප්

තෙල් සංස්ථාවෙන් ලංවිමට පැකේජ වශයෙන් ඉන්ධන..

(UTV | කොළඹ) – අද වන විට විදුලිබල මණ්ඩලයට තෙල් සංස්ථාව විසින් ඉන්ධන ලබා දුන ලබන්නේ දින තුනට, සතියට පැකේජ වශයෙන් බව සමස්ත ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලත් මහතා සඳහන් කරන්නේ මේ කුමන ආකාරයට කටයුතු කළ ද රටම අඳුරේ වැටෙන නිශ්චිතව අවස්ථාවක් පැමිණෙන බවයි.

අද තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට තෙල් ලබා දෙන්නේ දුරකථනයට රීලෝඩ් දමන ආකාරයෙන් බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට විදුලිය කප්පාදු නොකර සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් ඇතැයි ද හෙතෙම කියා සිටියි.

Related posts

අවදානම් ප්‍රදේශ වල උසස් පෙළ විභාග රාජකාරිය කළ සියළු දෙනා PCR පරීක්‍ෂණයට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය බාරගන්නා ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

දයාසිරිට අමාත්‍ය ධුරයක් අහිමි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment