දේශීය

තුර්කි විදේශ ඇමති දිවයිනට

(UTV | කොළඹ) – තුර්කියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Mevlüt Çavuşoğlu මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද(28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

එතුමා සමග මෙම සංචාරය සදහා එරට රාජ්‍ය දූත පිරිස ලෙස 13 දෙනෙකු එක්ක තුර්කියට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය .

මෙම තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස , ශ්‍රී ලංකාවේ සිය එක් දින සංචාරය නිමා කර අද දින පස්වරු 03.15 ට ඔවුන් පැමිණි තුර්කියට අයත් විශේෂ ගුවන් යානයෙන්ම ආපසු කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතය .

Related posts

බස්නාහිර පළාතේ වැටලීමකින් අත්අඩංගුවට ගත් පිරිස ඉහළට

Mohamed Dilsad

යමුණා වෙත්තසිංහ සේවයෙන් පහකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

Leave a Comment