දේශීය

හෙට සිට විදුලිය කපන වෙලාවන් මෙන්න

(UTV | කොළඹ) – බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් හෙට රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මීට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රීය වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් අහිමි වීමයි.

මේ සමගම තාප විදුලි බලාගාර සහ ජල විදුලි බලාගාර පූර්ණ ධාරිතාව ඇතිව ක්‍රියාත්මක කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්තේ ඇති විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා යි.

ඊයේ (22) දහවල් දෙකේ සිට සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ක්‍රියාකාරිත්වය ඇන හිටියේ ඊට අවශ්‍ය නැප්තා නමැති දැවි තෙල් නොමැති වීම හේතුවෙන්.

මේ අනුව හෙට (24) සිට දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි අදියර හතරකින් විදුලිය කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර හෙට දිනයේ දී එම විදුලිය කප්පාදුව පැයකට සීමාවන අතර අනිද්දා (25) සිට පැය දෙකක් දක්වා දීර්ඝ විය හැකි බවයි විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ.

මේ අතර අද (23) උදෑසන දහස් දැක්වූ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ ලබන සිකුරාදායින් පසු අවම තරමින් දිනකට පැය හතරක විදුලි කප්පාදුවක් කරා යොමු වීමට සිදු වන බවයි.

Related posts

නුවරඑළියේ වතු නිවාස 20ක් ගිනිගනී

Mohamed Dilsad

උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් [PHOTOS]

Mohamed Dilsad

වව්නියාව නගර සභාවේ සභාපතිට සහ උප සභාපතිට අතුරු තහනම් නියෝගයක්

Editor O

Leave a Comment