දේශීය

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් ඉවත්වෙන බව දැනුම් දෙයි

(UTV | කොළඹ) – කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඇය ඒ බව ලිපියක් මගින් දන්වා ඇත.

එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා ඇය වෙත රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙන ලෙසය.

එසේ නොමැති වුවහොත් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවද එම ලිපියේ ඇය සඳහන් කර තිබේ.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවක පිරිසකගේ අත්තනෝමතික, විනාශකාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඒ හේතුවෙන් අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව සහ සත්ත්වෝද්‍යානයේ සත්ත්වයින්ට ඇතිවී තිබෙන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් තමන් එම ලිපිය යොමු කළ බවද අවසන් වශයෙන් ඇය සඳහන් කර ඇත.

Related posts

NMRA : එපික් ලංකා දත්ත ක්‍රියාකරු ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment