දේශීය

අද විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

(UTV | කොළඹ) – අද (20) දිනයේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊයේ (19) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ කාණ්ඩ 04ක් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින් වර විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

ඊට හේතුව ලෙස එම සංගමය පෙන්වා දුන්නේ, පෙරේදා දිනයේ ඩීසල් සහ නැප්තීන් නමැති ඉන්ධන ද්‍රාවණ හිඟවීමෙන් කැලණිතිස්ස සහ සපුගස්කන්ද විදුලි බලාගාර වසා දැමුණේ, එය පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් නොමැති වීම හේතුවෙන් බවයි.

කෙසේවෙතත්, ඊයේ දිනයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී ඇත්තේ, කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් ලබාදීමටයි.

ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර සංකීර්ණ දෙකේ බලාගාර දෙකම නවතා දැමුණේ පෙරේදා සිටයි.

කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය බලාගාරයෙන් මොගාවොට් 165ක ධාරිතාවයෙන් මෙරට විදුලිබල පද්ධතියට අහිමි වූ අතර ජි. ටී. 7 තාප බලාගාරයෙන් අහිමි වූ ධාරිතාව මෙගාවොට් 115ක්.

එමෙන්ම ශ්‍රී ලංකා මහබැංකුවෙන් මුදල් නිදහස් කිරීමත් සමග වරායේ සිර වී තිබූ ඉන්ධන අඩංගු නෞකා දෙකක් ද ඊයේ (19) දින මුදා හැරීමට පියවර ගත් නිසා බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ, යළි අක්‍රීය වූ බලාගාර පණගැන්වීමට හැකියාවක් පවතින බවයි.

Related posts

බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට සිට

Mohamed Dilsad

රුසියානු කතකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

නාවික හමුදාව විසින් මැනිං වෙළඳපොළ විෂබීජහරණය කරයි

Mohamed Dilsad

Leave a Comment