දේශීය

දකුණු කොරියානු කථානායක දිවයිනට

(UTV | කොළඹ) – දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ කථානායක පාක් බියොන් සුග් සිවු දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ආරාධනයකට අනුව ඊයේ රාත්‍රියේ ඔහු ඇතුළු 18 දෙනෙකු මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

දකුණු කොරියානු කථානායකවරයා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ සංචාරයක ද නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

ඔහුගේ මෙම සංචාරයේ දී දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සබඳතා නව මාවතකට යොමු කිරීමට ද බලාපොරොත්තු වෙන බවයි වාර්තා වෙන්නේ.

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 8 දෙනෙකු නාවිකයින්

Mohamed Dilsad

ජනාධිපතිවරණයට වාරණය නියෝගයක් ඉල්ලූ පෙත්සම ට එරෙහිව නීති විශාරදයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම් වෙති.

Editor O

විශ්වවිද්‍යාල දේශණ යළි ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment