විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිට ඉල්ලා අස්වන්නැයි බලපෑම්

(UTV | බ්‍රිතාන්‍ය) – ලොක්ඩවුන් නීති කඩ කරමින් සාදයකට සහභාගී වූ බවට තහවුරු වීමත් සමග ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එල්ලවන බලපෑම ඉහළ ගොස් තිබෙනවා.

පාලක කොන්සර්වටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ඔහුට දැනුම්දී ඇත්තේ අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවටයි.

2020 වසරේ පැවති සාදයකට ලොක්ඩවුන් නීති උල්ලංඝනය කරමින් තමන් සහභාගී වූ බව අගමැති බොරිස් ජොන්සන් ඊයේ පිළිගත්තා.

ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.

කෙසේවෙතත් නියෝජ්‍ය අගමැති ඩොමිනික් රාබ් ඇතුලු පිරිසක් අවධාරණය කරන්නේ අගමැති ජොන්සන් ඉවත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

මේ අතර බොරිස් ජොන්සන් මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් කොන්සර්වටිව් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කිරීමේ සූදානමක්ද පවතිනවා.

පසුපෙළ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු එම ලිපියට අත්සන් තැබුවහොත් එය නායකත්ව අභියෝගයක් ලෙසටයි සැළකෙන්නේ.

Related posts

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව තවත් දීර්ඝ කරයි

Mohamed Dilsad

චීනයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා හඳුනා ගැනේ

Mohamed Dilsad

ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment