දේශීය

යුගදනවි පෙත්සම් සළකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවැරීමට ගෙන තිබෙන තීරණය බ‍ලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 19, 20 සහ 21 යන දිනවල සිදුකිරීමට නියමිතය. එම පෙත්සම් අද (12) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතව තිබුණි.

එහෙත් අදාළ පෙත්සම් අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටය.

මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ, මෙම නඩුවේ වැඩිදුර සලකා බැලීම ලබන 19 වනදා දක්වා කල් තබන බවයි.

Related posts

රටේ තත්වය ගැන අද, හෙට පාර්ලිමේන්තුවේ විවාද

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහි පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි.

Editor O

Leave a Comment