දේශීය

කාන්තාවක් සී.අයි.ඩී. ගොඩනැගිල්ලෙන් පැන මරුට

(UTV | කොළඹ) – මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ කාන්තාවක් එහි පස්වන මහලෙන් පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඊයේ (10) දින මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 46 හැවිරිදි, අප්සරා මැණිකේ නැමති පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි ,පොලීසිය සඳහන් කළේ.

ඇය විසින් විවිධ සමිති සමාගම් පිහිටුවා රුපියල් හයකෝටි 83 ලක්ෂ 40,000ක මුදලක් රාජගිරිය, අංගොඩ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් වංචා කර ඇති බවට, පැමිණිලි ලැබී තිබුණා.

මෙම කාන්තාව පොලිසිය මග හරිමින් විවිධ නම් වලින් පෙනී සිටි තැනැත්තියක් බවට ද අනාවරණ වී තිබෙනවා.

ඇගේ සිරුර මේ වන විට පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) දින සිදුකිරීමට නියමිතයි.

Related posts

ඇඳිරි නීතිය අතරතුර අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරිනීති බලපත්‍රයක්

Mohamed Dilsad

සූර්ය පැනල විදුලි ඒකකයකට ගෙවන මුදල තීරණය කරයි

Editor O

ලාංකිකයන්ට බූස්ටර් එන්නතක් දීමට මෙතෙක් අවසන් තීරණයක් නෑ

Mohamed Dilsad

Leave a Comment