දේශීය

විදුලි කප්පාදුව ගැන අද අවසන් තීරණ

(UTV | කොළඹ) – ඉදිරියේදී දිනකට පැය දෙක හමාර බැගින් විදුලිය කප්පාදුවක් සිදුකිරීමට සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර වාර්තා පවසයි.

මේ අනුව දිනකට පැය 2ක හමාරක පමණ කාලයක් මෙසේ විදුලිය කප්පාදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කාර්ය බහුල නොවන වේලාවේ පැය දෙකක් හා කාර්ය බහුල වේලාවේ පැය භායක විදුලිය කප්පාදුවක් මෙසේ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි

නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙත ගල් අඟුරු ලබාගැනීමේ ගැටලුවක්ද මේ වන විට පැන නැගි තිබේ. ඒ් ඩොලර් හිඟය හේතුවෙන් ගල් අඟුරු මිලදී ගැනිම වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව ඇති හෙයිනි.

ඒසේම ගල් අඟුරු මිලදී ගැනීම වෙනුවෙන් පැවැත්වූ ටෙන්ඩර්වලට ලංසු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒම ටෙන්ඩර්ද අවලංගු වී තිබේ.‍

මේ අතර දෛනිකව පැයක හෝ දෙකක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂම විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වෙතත් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මීට පෙර සඳහන් කර තිබුණේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි.

Related posts

දන්සැල් සංවිධානය හෝ වියළි ආහාර බෙදා දීමට කිසිදු අනුමැතියක් නැහැ

Mohamed Dilsad

රනිල් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment