දේශීය

බස් ගාස්තු අද සිට ඉහළට

(UTV | කොළඹ) – සියයට 17.44 ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.

පෞද්ගලික බස් මෙන්ම ලංගම බස් සදහාද මෙම නව ගාස්තු ක්‍රමය අදාල වනු ඇති.

ඒ අනුව රුපියල් 14 ක්ව පැවති අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17 දක්වා ඉහළ යනවා.

රුපියල් 1109 ක්ව පැවති වැඩිම බස් ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 1303 දක්වායි.

අනුමත ගාස්තුවට වඩා වැඩියෙන් අය කරන පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිසම නිවේදනය කළේ.

Related posts

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

කතෝලික පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් ට අධිකරණය දුන් නියෝගය

Editor O

ළමයි අතර මී උණ රෝගය ඉහළ යෑමේ අවධානමක්

Editor O

Leave a Comment