විදෙස්

සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි

(UTV | කාටොවුම්) – අඛණ්ඩ විරෝධතා හමුවේ සූඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහකෙරුණද පසුව ඇතිකරගත් බලය හුවමාරු කිරීමේ ගිවිසුමක් යටතේ නැවතත් තනතුරට පත් කෙරුණා.

එහෙත් අගමැතිවරයාට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවති අතර උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වූයේ සූඩානය තුළ සිවිල් දේශපාලන නීතිය මුලුමණින්ම ස්ථාපිත කල යුතු බවටයි.

ඒ අනුවයි දිගින් දිගටම එල්ලවන මහජන විරෝධයත් සමග තනතුරින් ඉල්ලා අස්වීමට සූඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් තීරණය කර ඇත්තේ.

සුඩානය තුළ නැවත වරක් මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ 2023 වසරේ ජූලි මාසයේදීයි.

Related posts

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක බිඳ වැටීමක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ මත්පැන් හා දුම්වැටි අලෙවිය තහනම් කෙරේ

Mohamed Dilsad

වසංගතය තවත් දරුණුයි – ට්‍රම්ප්ගෙන් ඇමරිකානුවන්ට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment