Trending News

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ චීන නෞකාවේ අභියෝගයට ලක්වන වලංගු භාවය

(UTV | කොළඹ) – මීට පෙර චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද 053H2G වර්ගයේ නෞකාව මුහුණ දෙන තාක්ෂණික ගැටලු පිළිබඳව නොයෙකුත් ආකාරයේ මාධ්‍ය වාර්තාවන් පළ වෙමින් තිබූ අතර, නෞකාවේ නඩත්තු කටයුතු සඳහා චීන විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ අදාළ නෞකාව මුහුණ දෙමින් තිබෙන ගැටළු පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තාවන් සත්‍ය බවට පත් විය.

විශ්ලේෂකයින් සහ ක්‍රියාකාරීන් පෙන්වා දෙන පරිදි තාක්ෂණික ගැටළු සමඟ නෞකාව භාරගැනීමෙන් ශ්‍රී ලංකාවට අනවශ්‍ය නඩත්තු වියදම් ඉදිරියේදී දැරීමට සිදුවනු ඇති බවකි.

අනවශ්‍ය නඩත්තු වියදම් නව නෞකාවක් මිලදී ගැනීමේ මිල ඉක්මවිය හැකි බැවින්, වෙනත් රටවල් විසින් බැහැර කරන සැක කටයුතු කිසිවක් ඔවුන් විසින් පරිත්‍යාග කරන ලද පමණින් භාර නොගත යුතු බවට ද ඔවුන් අවධාරණය කරයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

Real Madrid into Club World Cup final with late Bale goal

Mohamed Dilsad

அனைத்து பிரஜைகளுக்கும் தேசிய அடையாள அட்டைக்கான இலக்கம் வழங்க வேலைத்திட்டம்

Mohamed Dilsad

Five Districts still at risk of landslides

Mohamed Dilsad

Leave a Comment