දේශීය

දඹුල්ලට එළවලු ලැබීම සියයට 60කින් පහළට

(UTV | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 22 දින එළවළු ලැබීම 60% කින් පමණ පහත වැටීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානය වෙනදාට වඩා වැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති .

ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා 23 සහ 24 දිනවල රැගෙන ඒම සඳහා අස්වනු නෙලීම නොකර සිටීම මෙයට හේතුව වී ඇති බවය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන් ගේද අඩුවක්ද විශාල වශයෙන් මෙදින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති

ඊට හේතුව ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ අනුමාන කරති. වෙනදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ දෙකත් තුනත් අතර ප්‍රමාණයක් ලැබුණ ද මෙදින එයින් සියයට හැටකටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබීමත් සමග මිලද පසුගිය දින දිනවල ට සාපේක්ෂවව ම පැවති බවද ඇතැම් එළවළු වර්ග වල මිල යම් මට්ටමකින් අඩු වීමක් දක්නට තිබෙන බවද ද ව්‍යාපාරිකයෝ පවසති.

එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කළ කලබලයකින් තොරව ක්‍රියාත්මක වන අතර ඇතැම් වෙළඳ සැල් කම්කරුවන් සේවකයන් තැන තැන ජංගම දුරකථන භාවිතා කරමින් වාඩිවී සිටින අයුරුද දැක ගැනීමට හැකි විය.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට අමාත්‍යවරියගෙන් විසඳුම්

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර ගොනු කළ පෙත්සම සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

අය-වැය අවසන් ඡන්ද වීමසීමෙන් පසු පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවන්න

Editor O

Leave a Comment