ගොසිප්

රටක් ගොඩ දාන්න බැරි මුදල් ඇමති – විජේදාස කියයි

(UTV | කොළඹ) – මුදල් අමාත්‍යවරයාට මොල හතක් ඇතැයි ඇතැමුන් පවසන්නේ ඔහු 7 සමත් නිසා වන්නට ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රටක් ගොඩ දැමීමට එය ප්‍රමාණවත් නොවන බවත්, අඩුම තරමේ දාසය සමත්වී මොල 16ක් වත් තිබිය යුතු බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පන්නිපිටිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.

ඉදිරියේ එළඹෙන සති කිහිපය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව පත් වනු ඇතැයිද ඔහු පැවසීය.

සති දෙක තුනකින් විදේශ සංචිත බින්දුවටම වැටුණු පසු රට තුළ විශාල සාගතයක් ඇති වන බවත් කලකෝලාහල ඇති වනු බවත් ඔහු තව දුරටත් එහිදී සඳහන් කළේය.

Related posts

වාහන වලටත් මිල සුත්‍රයක්

Mohamed Dilsad

හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සම්බන්ධයෙන් වන අවසන් තීරණය

Mohamed Dilsad

අගමැතිගේ පුතුන් තුන්දෙනා ඩුබායි ගිහින් ද?

Mohamed Dilsad

Leave a Comment