දේශීය

ආසියාවේ රැජිනගේ තක්සේරුව අද

(UTV | කොළඹ) – ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හදුන්වන ලොව විශාලතම ස්වභාවික කොරොන්ඩම් බ්ලූ සෆායාර් මැණික පිළිබඳව අද (13) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ මැණික අයත් පෞද්ගලික ආයතනයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

ක්වීන් ඔෆ් ඒෂියා නමින් හඳුන්වන මෙම මැණික රත්නපුර – බලංගොඩ ප්‍රදේශයේ පතලකින් මීට මාස 6ට පෙර හමු වී ඇති අතර ඒ පිළිබදව ඊයේ (12) කරුණු අනාවරණ වුණා.

ජෙමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවඩ් ලිමිටඩ් ආයතනයට මෙහි හිමිකාරීත්වය පවතින අතර කොරොන්ඩම් සෆායාර් පවුලට අයත් මෙම මැණික කිලෝ 310 ක බරකින් යුක්තයි.

එහි කැරට් ප්‍රමාණය ආසන්න වශයෙන් පහලොස් ලක්ෂ පනස් දහසකට ආසන්න බවයි මැණිකේ හිමිකාර ආයතනයේ අධ්‍යක්ෂක චමිල සුරංග සඳහන් කළේ.

Related posts

කටුනායක ප්‍රභූ පර්යන්තයේ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

අභිරහස් ලෙස මියගිය තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment