දේශීය

මහනුවර – වත්තේගම ළමා නිවසින් පැන ගිය දැරියන් තුන්දෙනෙකු හමුවේ

(UTV | මහනුවර ) – මහනුවර – වත්තේගම – මීගම්මන ප්‍රදේශයේ පුනරුත්ථාපන ළමා නිවාසයකින් පළා ගිය ගැහැණු ළමයින් පස් දෙනාගෙන් 3 දෙනෙකු මේ වනවිට සොයාගෙන තිබෙයි.

රජයේ ළමා නිවාසයක් වන මෙහි පාලිකාවන්ට රහසින් දැරියන් පළාගිස් තිබුනේ 7 වැනි දායි.

ළමයින් පස් දෙනා පසුගිය පළා ගොස් තිබුණේ, ළමා නිවාසය ආසන්නයේ පිහිටි පාසලට ගොස් යළි පැමිණෙන අතරේදීය. මොවුන් අවුරුදු 16ත් 18ත් අතර වයස්වල පසුවන දැරියන් බව කියැවිණි.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් සිය නිවෙස් වෙත ගොස් සිටිය දී මෙලෙස සොයා ගත් බවයි.
ඔවුන් ළමා නිවාසයේ සිටීමට අකමැති බවත් ඒ නිසා පැනගිය බවත් පොලිසියට දන්වා තිබුණි.

පසුව පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව වෙනත් ළමා නිවාසයක් වෙත යොමු කර තිබෙයි. අනෙක් ළමයින් දෙදෙනා ද සිය නිවෙස් වෙත හෝ ඥාති නිවෙස් වෙත ගොස් ඇති බව සැක කරන අතර තවම සොයාගෙන නැත.

Related posts

පොලිස් සැරයන්වරයෙකු ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්

Mohamed Dilsad

ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරු බඳවා ගනී

Mohamed Dilsad

Leave a Comment