දේශීය

රනිල්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

(UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ ඩී. එම්. සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තෆා මහතා කළ ඉල්ලීමක් පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 28 වනදා කැඳවීමට නියම කළේය.

Related posts

රංජන් අද රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

විදේශයන්වල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 462 ක් දිවයිනට

Mohamed Dilsad

ආණ්ඩුව විසින් සහල් මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කරලා – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

Leave a Comment