දේශීය

කොවිඩ් කරල ගැන අවසන් තීරණයක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ දී වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබේ.

කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් මේ වනවිට භාවිත කරන, මොල්නුපිරවීර් කරල ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දුන්නේය.

කොවිඩ් අවධානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාව වී ඇති අතර ග්‍රාමීයව පැතිර යන කොවිඩ් අවධානම පාලනය සහ ජනතාව දැනුවත් කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබේ.

Related posts

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත් කෙරේ

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට ඥාතීන්ට අවසර නෑ

Mohamed Dilsad

‘කළු මල්ලි’ අංගොඩදී පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment