දේශීය

කින්නියා පාලම් පාරු අනතුරට කින්නියා නගරාධිපති පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පුද්ගලයන් 06 දෙනෙකුට මරු කැඳවමින් තවත් 20 දෙනෙකු රෝහල්ගත කිරීමට සිදුවූ කින්නියා හිදී සිදුවූ පාලම් පාරු අනතුරට අදාළව කින්නියා නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔහු මේ වනවිට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බවයි.

මේ අතර කින්නියා කුරින්ඥන්කේනි පාලම මාස 09 ක් ඇතුලත ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතායි මේ බව සඳහන් කළේ.

 

Related posts

සඳුදා සිට පාන් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් දිනය අද

Editor O

රැල්ලට යන දේශපාලනය කරන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment