දේශීය

මහින්ද තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි

(UTV | කොළඹ) – ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා තමා තව දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සුදුසුකම් ලබා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ මීළඟට සිටින මංජුල ලලිත් වර්ණකුමාරයි.

ඉකුත් මහ මැතිවරණයේදී මනාප 46,542ක් ලබා ගත් ඔහු මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ද වනවා.

Related posts

කොළඹට අඩු පීඩනය යටතේ ජලය

Mohamed Dilsad

සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ අරඹයි[PHOTOS]

Mohamed Dilsad

මගීන්ගේ ආරක්‍ෂාවට දුම්රිය ගමන් වාර ගණන තවත් වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment