දේශීයව්‍යාපාරික

තිරිඟු පිටි ගෙන්වීමත් සීමාවෙයි

(UTV | කොළඹ) – ඩොලර් ප‍්‍රශ්නය නිසා තිරිඟු පිටි ආනයනය සීමාවීමත් සමග රටපුරා බේකරි නිෂ්පාදන කටයුතු සියයට පනහකින් පමණ පහළ වැටී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවැසීය.

මේ වනවිට විවිධ නම්වලින් යුත් පිටි වෙළෙඳ පොළට නිකුත්කරන බවත් ඒ අනුව පිටි කිලෝවක මිල 110, 115, 120 ආදී විවිධ මිල ගණන්වලට මිලදී ගැනීමට සිදුවී ඇති බවත් ඇතැම් ප‍්‍රදේශවල බේකරි හිමියන්ට එම මිල ගණන්වලට පවා පිටි මිලදී ගැනීමට නොහැකිවීමෙන් ඇතැම් බේකරි සතියට දින දෙක තුනක් වසා දැමීමට සිදුවී ඇති බවත් ඒ මහතා කීය.

මෙරටට තිරිඟු පිටි ආනයන කරන ප‍්‍රධාන සමාගම් දෙකම පිටි ආනයනය කරගත නොහැකිව සිටින බවට දැනුම්දී ඇතැයි ද හෙට අනිද්දා වන විට තිරිඟු පිටි හිඟය තවත් උත්සන්න වනු ඇතැයි ද ජයවර්ධන මහතා පැවැසීය.

දැනට වෙළෙඳපොළේ පාන් මිල ගණන් ඉහළ දමා නැතිමුත් අනෙකුත් බේකරි නිෂ්පාදන විවිධ මිල ගණන්වලට අලෙවි කිරීමට සිදුවී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඇමති හර්ෂණගේ නමට ”ආචාර්යය” ඒකතු වුණ විදිය ජනාධිපතිට දුන් වාර්තාවෙන් හෙළිවේ.

Editor O

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

Mohamed Dilsad

එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment