Trending News

හානිකර බැක්ටීරියා හේතුවෙන් කාබනික පොහොර ගනුදෙනුව අවලංගු කරයි

(UTV | කොළඹ) – මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව රසායනික පොහොර ආනයනය කිරීම නවතා කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කිරීමට තීරණය කරන ලදි.

කෙසේ වෙතත් දේශීය කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කාබනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කල අතර, ඒ අනුව Qingdao Seawin Biotech සමාගමෙන් පොහොර සාම්පල ගෙනැවිත් තත්ව පරීක්‍ෂණ සිදු කලහ.

දෙවතාවක් පරීක්‍ෂා කළ එම සාම්පල තුල අර්විනියා නම් හානිකර බැක්ටීරියාව හමු විය.

කෙසේ වෙතත්, පරීක්ෂණ කටයුතු අතරතුර දී එම සමාගම පොහොර ඇණවුම රැගත් නෞකාව ශ්‍රී ලංකාවට පිටත් කර තිබේ.

හානිකර පොහොර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් නෞකාවට මෙරටට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර, ඊට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට නියෝග කරමින් පොහොර සඳහා ගෙවීම් කිරීම අධිකරණය විසින් අත්හිටුවා ඇත.

ඊට ප්‍රතිචාරයක් ලෙස චීනය මහජන බැංකුව අසාදු ලේඛනගත කළේය.

Qingdao Seawin Biotech සමාගම පරීක්ෂණ වාර්තා පිළි නොගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනය කලේ තම සමාගමට සිදුවූ අපකීර්තිය නිසාය.

කෙසේ වෙතත්, චීන නෞකාව ඔවුන්ගේ නම වෙනස් කරමින් GPS උපකරණ වරින් වර අක්‍රිය කරමින් ශ්‍රී ලංකාව අවට සාගරයේ රැදී සිටියි.

රටට අහිතකර පොහොර අඩංගු නැවට විරෝධය පළ කරමින් ගොවීන් ඉල්ලා සිටියේ අහිතකර බැක්ටීරියා හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තය විනාශ වීමට ඉඩ නොතබන ලෙසයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

IMF warns Trump tariff would hurt US

Mohamed Dilsad

உதயங்க வீரதுங்கவின் காணிகளை விற்க, உரிமைமாற்றம் செய்ய இடைக்கால தடை உத்தரவு

Mohamed Dilsad

ටින් මාලු සඳහා පාලන මිලක්

Editor O

Leave a Comment