දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තිය අදයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්‍රාප්තියේ දෙවන වසර අද සම්පූර්ණ කෙරෙනවා.

2019 වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත්වන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස, ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25% ක ප්‍රතිශතයක් ලබාගනිමින්.

නොවැම්බර් 18 වන දින අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑරඳුන් ඉදිරිපිට දී ජනාධිපතිවරයා සිය ධූරයේ දිව්රුම් දුන්නා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරදැරිව ජනාධිපති ධුරයේ සිය මෙහෙවර අරඹන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙවුණු දෙවසරක කාලය තුළ රටේ ආරක්ෂක, සමාජයීය, ආර්ථික, මෙන්ම ක්ෂේත්‍ර රැසක ප්‍රගමනය වෙනුවෙන් සිය තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ කොරෝනා අභියෝගය මධ්‍යයේයි.

මේ අතර, අගමැති මහින්ද රාජපක්ෂගේ 76 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

මේ නිමිත්තෙන් ප්‍රදේශ රැසක පිංකම් පැවැත්වෙනවා.

තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය ජයග්‍රහණය කිරීම සනිටුහන් කරමින් අනුරාධපුරයේ ඉදිකර ඇති සඳහිරු සෑය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් සඟ සතු කිරීම අද සිදු කිරීම විශේෂත්වයක්.

Related posts

උපාධිධාරී පත්වීම් ලිපි බෙදා හැරීමට අද විශේෂ තැපැල් බෙදීම් දිනයක් කෙරේ

Mohamed Dilsad

සජබ රැළිය හෙට

Mohamed Dilsad

ප්‍රතිකාර ලබමින් සිටි කළු කොටියා මිය යයි

Mohamed Dilsad

Leave a Comment