ක්‍රීඩා

පකිස්තානය පරදා ඕස්ට්‍රෙලියාව අවසන් මහතරගයට

(UTV |  ඩුබායි) – ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවති විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී අපරාජිත පාකිස්තාන පිල පරදා අවසන් වටයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රෙලියාව ඊයේ(11) දින සමත් විය.

කාසියේ වාසිය ජය ගැනීමෙන් පසු මුලින් පන්දුව රැකිම ඕස්ට්‍රෙලියාව තොරාගත් අතර පකිස්තාන පිතිකරුවන් ලකුණු 176 ක් ලබා තරගය හමාර කළා. දැවීගියේ කඩුළු 4 ක් පමණි.රිස්වාන් හයේ පහර 4 ක් හා හතරේ පහර 3 ක් සමග ලකුණු 67 ක් ලබාගත් අතර ෆක්සාර් සමාන් නොදැවී 55 ක් ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රෙලියාව මුල් ඕවරයේදීම කඩුළු දැවී ගියත් අවස්ථා කිහිපයකදී දෝලනය වෙමින් පසුබසිමින් ඉදිරියට එමින් සිය ජයග්‍රහණය වෙනුවෙන් පාර සකසා ගත් අතර තරගය අතහැරියේ නැත.
ඕවර 19 ක් අවසානයේ ජයග්‍රහණය සනිටුහන් කළේ පිට පිට 6 පහර තුනකිනි. තරගාවලියේ මේ දක්වා අපරාජිතව විසූ පකිස්තානය ඒ අනුව ගෙදර යවන්නට ඕස්ට්‍රෙලියානුවන්ට හැකි විය.
ඩේවිඩ් වොනර් 49 ක් හා ස්ටොනිස් 40ක් නොදැවී ලබාගැනීම මෙන්ම අවසන් ඕවර කිහිපයේ ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 17 කදී ලකුණු 41 ක් ලබාගත් වේඩ් මෙහි තරගය වෙනස් කළ අය විය.

මේ අනුව 14 වනදා පැවැත්වෙන අවසන් තරගයට නවසීලන්තය හා ඕස්ට්‍රෙලියාව තරග වදිනු ඇත.

Related posts

සිම්බාබ්වේ හමුවේ ලංකාවට දැවැන්ත පරාජයක්

Mohamed Dilsad

ඉසුරු උදාන කොදෙව් දිවයිනේ දී දස්කම් දක්වයි

Mohamed Dilsad

නැමීබියාවට තියුණු ජයක්

Mohamed Dilsad

Leave a Comment