විදෙස්

එක්සත් රාජධානිය සිනොෆාම් – සිනොවැක් එන්නත් පිළිගනියි

(UTV |  එක්සත් රාජධානිය) – සංචාරකයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හදිසි භාවිත ලැයිස්තුවේ දැනට ඇති එන්නත් නොවැම්බර් 22 වැනි දින අලුයම 4.00 සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් පිළිගන්නා බව එක්සත් රාජධානිය නිවේදනය කරයි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 මැයි සහ ජූනි මාසවලදී හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් චීනයේ සිනොෆාම් සහ සිනොවැක් යන එන්නත් ලැබූ අයටද එක්සත් රාජධානිය වෙත බාධාවකින් තොරව පැමිණීමට අවසර හිමිවෙයි.

Related posts

ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි.

Editor O

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Mohamed Dilsad

වෙනිසියුලාවේ පාලනය ඇමෙරිකාව අතට

Editor O

Leave a Comment