ගොසිප්

ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. – පොහොට්ටු මන්ත‍්‍රීනී

(UTV | කොළඹ) – ගණිකා වෘත්තිය නීතිගත කරනවාට තමන් කැමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය තමන් කරන්නේ තම හෘද සාක්ෂිය අනුව බවත් කාන්තාවන් හැටියට ලිංගික වශයෙන් සූරාගෙන කෑමට ලක්වීමට තමන් විරුද්ධ බවත් ඇය පැවසීය.

ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

‘මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමතියි. හේතුව මේ ලෝකෙ බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉදන් ගණිකා වෘත්තිය තිබුණ. ලෝකයේ පැරණිම වෘත්තිය.. මේක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මං කරන්නේ හැබැයි මගේ මේ හෘද සාක්ෂියෙන් මං මේ කතා කරන්නේ… අද මොකද කරන්නේ… ගණිකාව සූරා කන්නේ නැද්ද කියන්නකො… ත්‍රීවිල් එකේ ඉන්න මනුස්සයා සූරා කනවා… එහෙම නැත්නම් ඒක කරවන අය තැරැව් කාරයෝ සූරගෙන කනවා…

ඊට වැඩිය මම විශ්වාස කරනවා. තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම්, මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගැහැණු අමාරුවෙ වැටෙන්නෙත් නැහැ… හිරගෙවල්වල යන්නෙත් නැහැ… දරු පවුලක් රැකගෙන ඉඳීවි. මං පැහැදිලිවම විශ්වාස කරනවා සූරා කෑම නතර කරන්න පුළුවන් කියල.

කාන්තාවක් හැටියට කාන්තාවක් ලිංගික වශයෙන් සූරාගෙන කන එකට මම විරුද්ධයි. මේ රටේ ආර්ථිකය හදන්න එම අයිතිවාසිකම් දෙන්න ඕනි කියලා නෙමෙයි මං මේ කියන්නේ.

කාන්තාවක් හැටියට ගමේ ඉන්න අහිංසක ගැහැණිය අසරණ උනහම ඒ ගැහැණිය ගිහිල්ලා විකුණල මිනිහෙක් රුපියල් දහදාහක් අරගෙන ඒ ගැහැණියට දාහක් දෙන එකට මම විරුද්ධයි’.

Related posts

බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

මෙරට ගණිකා වෘත්තියේ වැඩිවීමක් ?

Mohamed Dilsad

ශ්‍රී ලනිපයෙන් තනිව තරග කරන අය රාජපක්ෂවරුන් ගැන කියූ දේ [LETTER]

Mohamed Dilsad

Leave a Comment