දේශීය

COP:26 – ජනපති ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP:26) සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළඟාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එරට වේලාවෙන් අද (30) ප.ව 12.40ට ග්ලාස්ගොව් අන්තර් ජාතික ගුවන්තොටුපොළට ළඟාවූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසිනි.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණදෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ.

නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25,000ක පමණ පිරිසක් සහභාගී වේ.

එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.

Related posts

ඉන්දියානු ණය යටතේ දුන් අවසන් ඩීසල් තොගය අද ගොඩබායි

Mohamed Dilsad

ඇමෙරිකාවේ තීරණයකින්, ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම ගැන පැහැදිලි කිරීමක්

Editor O

විදෙස් ගත ශ්‍රමිකයින් නිරෝධයනයේදී අයකරන හෝටල් ගාස්තු අඩු කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment