ක්‍රීඩා

නැමීබියාවට තියුණු ජයක්

(UTV | ඩුබායි) – සුපිරි දොළොස් දෙනාගේ තරග වටය යටතේ Group 2 කාණ්ඩයේ ස්කොට්ලන්ත කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර බදාදා පැවති තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කර කඩුළු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට නැමීබියා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණය ක්‍රිකට් ඉතිහාසයට එක් වූයේ නැමීබියා කණ්ඩායම විසින් සුපිරි 12 තරඟ වටයක දී තරගයක් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව ලෙසයි.

ස්කොට්ලන්ත පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 109ක් රැස්කළ අතර ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි නැමීබියා පිතිකරුවන් පන්දුවාර 19කුත් එක් පන්දුවක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

නැමීබියානු කණ්ඩායම අද ලැබූ ජයග්‍රහණයත් සමග Group 2 කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇති අතර ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් ද ප්‍රසාද ලකුණු සටහනේ අභිබවා ගොස් ඇත.

Related posts

ලෝක කුසලාන 20-20 කාන්තා 19න් පහළ, ක්‍රිකට් තරඟාවලිය මැලේසියාවේ දී ඇරඹේ

Editor O

පාරමී සහ ඩිලාන් යොවුන් ඔලිම්පික් උළෙලට

Mohamed Dilsad

LPL අනිවාර්ය දසදෙනා නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment