දේශීය

අද කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද පෙරවරු 9 සිට පැය 10ක කාලයක් කළුතර අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, නාගොඩ, බෙන්තොට, පයාගල, මග්ගොන, බේරුවල, දර්ගා නගරය, අලුත්ගම, මොරගල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර, මහනුවර මහ නගර සභාවේ ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මහනුවර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට රාත්‍රි දොලහේ සිට අනිද්දා රාත්‍රි 12 දක්වා පැය පැය 24 ක කාලයකට අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව මීකණුව, පට්ටිය කැලේ, පහලතැන්නේ කුඹුර, දඹවෙල, අම්පිටිය, තලාතුඔය, කැටවල, ලෙව්ල, නැහිනිවෙල, ගොඩම්පිටිය, තැන්නේකුඹුර, තල්වත්ත, ගුරුදෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

Related posts

හිටපු ඇමති දුමින්ද දිසානායක අත්අඩංගුවට

Editor O

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද

Mohamed Dilsad

වෙඩි තැබීමකින් වනජීවි නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment